Post Thumb

ලෝකයේ ප්‍රධානතම කිරි නිශ්පාදන අපනයනය කරන නවසීලන්තයේ ෆොන්ටේරා කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව නැරඹීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්වී තිබෙනවා. දිනකට කිරි ලීටර් ලක්ෂ දෙකක් සකස් කළ හැකි විශාලම කර්මාන්ත ශාලාව සතුව ඇත්තේ ද ෆොන්ටේරා සමාගමටයි.

නව තාක්ෂණය සහ අතිනවීන යන්ත්‍ර සූත්‍ර උපයෝගී කර ගනිමින් නවසීලන්තයේ ෆොන්ටේරා සමාගම කිරි නිශ්පාදනය මහා පරිමාණ වශයෙන් සිදු කරනවා. නවසීලන්තයේ නිල සංචාරයකට එක්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දූත පිරිස එම සමාගමේ නිරික්ෂණ සංචාරයකට එක්වුණා. කිරි නිශ්පාදනය සිදු කිරීම සහ බෙදා හැරීමේදී සිදුවන ප්‍රායෝගික පසුබිමද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස සොයා බැලුවා. ලෝකයේ ප්‍රධානතම කිරි නිශ්පාදන අපනයනය කරන මෙම සමාගම නවසීලන්තයේ සත්ව ගොවිපොළ පවත්වාගෙන යන පවුල් දහ දහස් පන්සීයකින් සමන්විත සමූපකාර සමාගමක්. කිරි ලීටර් බිලියන 22කට වඩා නිශ්පාදනය කරන ෆොන්ටේරා සමාගම ඒ සදහා නවසීලන්තයෙන් කිරි ලීටර් බිලියන 18ක් ලබා ගන්නවා. ඉතිරි බිලියන හතර ලෝකයේ සෙසු රටවල් වලින් ලබා ගන්නවා.

  • Views 66