Post Thumb

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන කොටසේ ඉදිකිරීම් ගිරිඋල්ල බෝයවලාන මංසන්ධියෙන් අද ආරම්භ වනවා. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසන්නේ.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසේ ඉදිකිරීම් අද ආරම්භ වන්නේ අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අදියර හතරක් යටතේ සිදුවනවා. පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් සිදුකෙරෙමින් පවතිනවා. මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන කොටස කිලෝමීටර 39.7ක දුරින් යුක්තයි. අඹේපුස්ස දක්වා දිවෙන කිලෝමීටර 9.7ක දිගින් යුත් පිවිසුම් මාර්ගය ද මීට ඇතුළත්.

  • Views 52