Post Thumb

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේනතු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතාට සති 6කට පාර්ලිමේන්තු වාරණයක් පනවා තිබේ. එම වාරණයට අනුව ඉදිරි සති 6දී එස්. එම්. මරික්කාර් මහතාට පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම් කළ නොහැකිය. මෙම වාරණයට මූලික වශයෙන්ම හේතු වී ඇත්තේ පසුගිය දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ ඇති කර ගත් විවාදයකි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පිළිබඳව වාචික ප‍්‍රශ්නයක් යොමු කරමින් එස්. එම්. මරික්කාර් මහතා මෙම විවාදය ඇති කර ගෙන තිබේ. අද සහ ඊයේ රැුස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ එම අවස්ථාවේදී එස්. එම්. මරික්කාර් මහතා, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අපහසුතාවයට පත් වන සේ සිතා මතා කටයුතු කර ඇති බවයි. විශේෂයෙන්ම අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාද දැඩි ලෙස එස්. එම්. මරික්කාර් මහතාගේ හැසිරීම විවේචනය කර ඇත. යහපාලන ආණ්ඩුව පිහිටුවීමට කැප වූ අය අපහසුතාවයට පත් වන ලෙස එලෙස හැසිරීම නුසුදුසු ක‍්‍රියාවක් බවද මෙහිදී ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පෙන්වා දී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලා පරාජය වී පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි දේශපාලනඥයකුට කඬේ යාම සඳහා එස්. එම්. මරික්කාර් මහතා විසින් මෙම වාචික ප‍්‍රශ්න අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් නඟා ඇතැයිද මෙම කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

 

  • Views 55