Post Thumb

පසුගිය ආණ්ඩු සමයේ වූ දූෂණ වංචා සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප‍්‍රඥප්තිය අනුව යමින් විශේෂ අධිකරණයක් පිහිටුවීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගෙන ආ යෝජනාව තවමත් ක‍්‍රියාමත්මක නොවීම ගැන රජයේ ප‍්‍රබල අමාත්‍යවරුන් තිදෙනෙක් සිය කණගාටුව ප‍්‍රකාශ කරයි. එම අමාත්‍යවරුන් වන්නේ පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න යන මහත්වරුන් වේ. ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කරමින් එම අමාත්‍යවරුන් සිව්දෙනා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ පසුගිය ආණ්ඩුව සමයේ සිදු කරන ලද වංචා ඉතා සූක්ෂම ආකාරයට සිදුකර ඇති බවයි. ඒවා ගැන කෙරෙන පරීක්ෂණ මන්දගාමී වීමෙන්, 

- වත්මන් ආණ්ඩුවද අඩුවැඩි වශයෙන් දූෂිත ක‍්‍රමය පවත්වා ගැනීමට කැමැති, ¥ෂිතයින් සමග වංක සහයෝගයෙන් ක‍්‍රියා කරන ආණ්ඩුවක් බවට ජනතාවට ඒත්තු යාම,

- පසුගිය ආණ්ඩුව ඉවත් කිරීමට ඉරිපත් කළ කරුණු අසත්‍ය බවට ජනතාව තුළ මතයක් ගොඩ නැගීම,

- දූෂණ සහ වංචා පරීක්ෂා කිරීමට මුවා වී වත්මන් ආණ්ඩුව දේශපාලන පළිගැනීමක නියෙළෙන බවට ප‍්‍රතිපක්ෂ ගෙන යන ප‍්‍රචාරණය සාධාරණීකරණය වීම,

- දූෂණ පරීක්ෂණ දේශපාලන උපක‍්‍රමයක් බවට ජනතාවට ඒත්තු යෑම

- දූෂණ පරීක්ෂණ කටයුතු ප‍්‍රමාද වීමෙන් ආණ්ඩුව සහාය දෙන ඇතැම් පුද්ගලයින් අපහසුතාවයට පත් වීම

- ආණ්ඩුව පිහිටුවීමට සහාය දුන් සියලූ දෙනා හාස්‍යයට ලක් වී දේශපාලනික වශයෙන් අවලංගුවට පත්වීමද 


සිදු විය හැකිබවටද අමාත්‍යවරුන් සිව්දෙනා පවසයි. මේහේතුවෙන් දැනට කෙරන පරීක්ෂණවල ප‍්‍රගතිය ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලෙසටද අමාත්‍යවරුන් සිව්දෙනා ඉල්ලා සිටී. 

  • Views 59