Post Thumb

කැලණි ගඟ පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය තවමත් පහව ගොස් නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි ජලවිද්‍යා අධ්‍යක්‍ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි මහත්මිය පැවසූයේ දිවයිනේ ප්‍රධාන ගංඟා ද්‍රෝණිවල ඉහළ ජලධාරා ප්‍රදේශ වල ගංවතුර කිසියම් අඩුවීමක් දක්නට ලැබුණත් කැලණි ගඟ පහළ නිම්නය විශාල ගංවතුර තත්ත්වයක තවමත් පවතින බවයි.

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (18) පස්වරුවේ නිකුත් කළ වාර්තාවකට අනුව කැලණි ගඟේ ජල මට්ටම නාගලගම්වීදිය ජල මිනුම් ස්ථානයේදී සටහන් වී ඇත්තේ අඩි 7 ක් ලෙසයි.

  • Views 57