Post Thumb

හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් බොරලැස්ස දුම්රිය ස්ථානය අසළ දී ත්‍රීරෝද රථයක ගැටීම හේතුවෙන්  එම මාර්ගයේ දුම්රිය ගමනාමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට ද තවදුරටත් බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

දුම්රිය පාලක මැදිරිය  සඳහන් කරනු ලබන්නේ මේ හේතුවෙන් රඹුක්කන සහ මහනුවර අතර දුම්රිය ධාවන  කටයුතු සිදු නොවන බවයි.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සිදුවන්නේ කොළඹ සිට රඹුක්කන දක්වා සහ  මහනුවර සිට බදුල්ල දක්වා පමණක් බව දුම්රිය පාලක මැදිරිය  පවසයි.

බදුල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය සේවාවන්ද  අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

ගිලාබැසීමට ලක්වූ රඹුක්කන සහ මහනුවර අතර දුම්රිය මාර්ගය පිලිසකර කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. 

  • Views 65