Post Thumb

හදිසි ආපදා තත්ත්වයන් තුළ පළමු තැන දිය යුත්තේ ජීවිත ආරක්ෂාවට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


මේ වනවිට කොළඹ අවට ජලගැලීම් වලින් පීඩාවට පත්වූවන් මුදවාගැනීමට බෝට්ටු 50ක් පමණ යොදවා ඇති බව ද එතුමා එහිදී පැවසීය.

නාවික හමුදා ඇතුළු ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසියද විපතට පත්වූවන්ට සහන සැලසීමට ඉදිරිපත්ව ඇති බවත්, ජනතාව ආපදා තත්ත්වයෙන් මිදීම සඳහා ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතු බවත් එතුමා තවදුරටත් පැවසීය.

ආපදාවට පත්වූ ජනයාට සහන සැලසීමට ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති බැවින් ඒ සඳහා සියලුදෙනාම සහය වන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දීමක් කළ එතුමා 
ආපදා උපදෙස් පිළිපදිමින් නිවෙස්වල තවදුරටත් රැඳී නො‍සිට ඉවත්වන වන ලෙසත්, දේපළ ආරක්ෂාව සඳහා හමුදා යොදවන බවත් පැවසීය.


 

  • Views 121