Post Thumb

ඊයේ දිනට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ, කැලණි ගඟ දෙපස පහත් බිම් සහ සෙසු ප්‍රදේශවල ජල මට්ටම පහල ගොස් තිබේ.


අද පෙරවරු 07.00 වනවිට නාගලන්ගමුව ජල මාපකයේ ජල මට්ටම අඩි 7.2 ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ සටහන් වූයේ 7.65ක් ලෙසිනි.

මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී කොළඹ දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ කේ.ජි පත්මකීර්ති මහතා ප්‍රකාශ කළේ හංවැල්ල සහ හංවැල්ල ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ද මේ වනවිට පහත ගොස් ඇති බවයි.

එතුමා වැඩිදුරටත් පැවසූයේ ජල ගැලීම් තත්ත්වය තවදුරටත් පවතින බවයි.

  • Views 47