Post Thumb

ජල ගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා නාවික හමුදා කුඩා යාත්‍රා කණ්ඩායම් 83ක් අද දිනයේ ද මෙහෙයුම් සඳහා යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.


නාවික හමුදා මාධ්‍ය නිලධාරි කපිතාන් අක්‍රම් අලවි මහතා ප්‍රකාශ කර ඇත්තේ සෙසු නාවික ප්‍රදේශවලින් යාත්‍රා මේ වනවිට ජල ගැලීම් වලට ලක්වු ප්‍රදේශවලට ගෙනවිත් ඇති බවයි.

නාවික හමුදාව විසින් ගත වු දින කිහිපය තුළ පුද්ගලයින් 18,000කට වැඩි පිරිසක් මුදාගෙන තිබේ.

ඊට අමතරව තවත් 20,000කට පමණ ආහාර ලබාදීමට පියවර ගත් බව ද නාවික හමුදා මාධ්‍ය නිලධාරිවරයා සඳහන් කරයි.

  • Views 136