Post Thumb

වරාය ඇමති අර්ජුනගේ මවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ හෝ වරාය සහ නාවික අමාත්‍යාංශයේ තනතුරක් දී නැතැයි එම අමාත්‍යාංශය පවසයි. එබැවින් ඇතැම් සංවිධානාත්මක පිරිස් ඇමති අර්ජුනගේ මවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ තනතුරක් ලබා දුන් බවට ගෙන යන ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙසද එම අමාත්‍යාංශය ඉල්ලා සිටී 

බොරු ගොතන්නේ වරාය වෘත්තීය සමිති...

ඇමති අර්ජුනගේ මවට වරායේ උපදේශක තනතුරක් දුන් බවට ප‍්‍රචාර කිරීම ආරම්භ කළේ වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවයි. ඔවුන් බෙදා හැරි පත‍්‍රිකාවක මෙම අමූලික බොරුව සදහන් විය. ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ සම කැදවුම්කරුවන් වන්නේ උදේනි කළුතන්ත‍්‍රි සහ ප‍්‍රසන්න කළුතරගේ වේ. 

අමනයින්ගේ අමන වැඩ

අර්ජුනගේ මවට වරායේ තනතුරක් ලබා දුන් බවට තමන් තොරතුරු වාර්තා කළේ වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන් ලබා දුන් තොරතුරු අනුව බවද වෙබ් පුවත් අඩවි පවසයි. මෙලෙස වයසක අම්මා කෙනෙකුට අපහාස කරමින් බොරු කීම ගැන වරායේ සේවකයෝ දැන් එම වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන්ට දෙස් දෙති. මෙවැනි කට කථා පතුරුවන්නේ තමන්ගේ අම්මලාට නොසලකන අමනයින් බවද වරායේ සේවකයෝ පවසති.

  • Views 56