වත්තල ඔලිය මුල්ල ඇලෙහි සොරොව්ව අවහිර වීමෙන් පීඩාවට පත් ප‍්‍රදේශයේ ජනතාවට සහන සැලසීමට අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් වෙයි.

ඒ ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී හඳුනාගත් ගැටළුවලට විසඳුම් ලබා දෙමිනි.

ඔලියමුල්ල ඇල කැළණි ගඟට ගලා යන්නේ මීගමුව ප‍්‍රධාන මාර්ගය හරහාය.

නමුත් එම ස්ථානයෙහි ඇති සොරොව්ව අපද්‍රව්‍යලින් අවහිර වී තිබිණ.

මේ හේතුවෙන් ඔලියමුල්ල ඇල අවට ප‍්‍රදේශයේ ගංවතුර සහ වැසි වතුර බැස යාමේ වේගය අඩු බව ප‍්‍රදේශවාසීහු පෙන්නා දුන්හ.

ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ අපද්‍රව්‍ය ඉවත් කර සොරොව්ව විවෘත කරන ලෙසයි. එම ඉල්ලීම සලකා බැලූ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා එම සොරොව්ව නිරීක්ෂණයට පැමිණියේය.

පසුව වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ සහායද ඇතිව සොරොව්ව විවෘත කිරීමට ප‍්‍රදේශවාසීන් පියවර ගත්තේය.

ඔලියමුල්ල ඇලේ සොරොව්ව අවහිර වීමෙන් පීඩාවට පත් ඔලියමුල්ල, වැලිපාර, නවලෝක උද්‍යානය පුරයෙහි පංදිචි ප‍්‍රදේශවාසීන්ට දිවා ආහාරයද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පිරිනැමීය.

කැලණිය, වත්තල, වේයන්ගොඩ, අත්තනගල්ල, කටාන, මීගමුව, බියගම මූලික කර ගනිමින් ගම්පහ දිස්ත‍්‍රිකයෙහි අවතැන් වූවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වේ.

  • Views 50