Post Thumb

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිෂාන්ත පීරිස් මහතාගේ නියෝගයකට අනුව රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගැණුනු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අනුර සේනානායක මහතා තාජුඩීන්ගේ ඝාතනයේ සාක්ෂි වසන් කර ඇති බවට චෝදනාවක්  එල්ල වී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසූයේ තාජුඩීන්ගේ ඝාතනය රිය අනතුරක් සේ සලකා විමර්ශන සිදු කරන ලෙස අනුර සේනානායක මහතා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි.

එමෙන්ම සිද්ධිය වූ දිනට පසු දින අළුයම සිවිල් ඇදුමෙන් සැරසී අනුර සේනානායක මහතා අදාළ ස්ථානයට පැමිණ ඇති බවට සාක්ෂි ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබේ. 

 

  • Views 152