Post Thumb

දිවයින පුරා නායයෑම් සිදුවිය හැකි ස්ථාන 500ක් පමණ මේ වන විට වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


එම සංවිධානයේ නායයෑම් සේවා අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පැවසූයේ පසුගිය සති දෙකක කාලය ඇතුළත මෙම ස්ථාන වාර්තා වන බවයි.

අදාළ ස්ථානවලින් කිහිපයක් මේ වන විටත් නායයෑමට ලක්ව ඇති අතර වාර්තා වන සියලු ස්ථාන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබේ.

මේ අතර ඊයේ පස්වරු 2.00 සිට පැය 24ක කාලයක් සඳහා නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, කුරුණෑගල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රීක්ක සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති බව ආර්.එම්.එස්.බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර කෑගල්ල අරණායක ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් අතුරුදන් වු පුද්ගලයින් සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතියි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා‍ෙපැවසූයේ ඊයේ දිනයේදී ද තවත් මළ සිරුරු දෙකක් සොයාගත් බවයි.

මේ අතර නිරත දිග මෝසම් තත්ත්වය දිවයනපුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

  • Views 122